අපගේ සේවාවන්

  1. බස්නාහිර පළාත් සභාව සඳහා කාර්ය මණ්ඩල අනුමත කරවා ගැනීම හා එම අනුමත කාර්ය මණ්ඩලය තුළ සේවක සංඛ්‍යාව පවත්වාගෙන යාමේ කටයුතු.
  2. කාර්ය පරිපාටි සැකසීම, බඳවා ගැනීම, සේවා ව්‍යවස්ථ සංග්‍රහ අනුමත කරවා ගැනීමේ කටයුතු.
  3. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීම, සේවය අවසන් කිරීම්, කාර්යක්ෂමතා කඩඉම්, උසස් වීම්, විශ්‍රාම ගැන්වීම්, මුදාහැරීම් ආදි වශයෙන් වන සියළුම ආයතන කටයුතු සම්බන්ධ නිර්දේශ ලබා දීම.
  4. ප්‍රධාන ලේකම් ස්ථාන මාරු බලධරයා වන තනතුරු වල වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල පැවැත්වීම, අන්තර් පළාත් ස්ථාන මාරු සිදු කිරීම, අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කිරීම.
  5. නිලධාරීන්ගේ ජීවන කුසලතා, දැනුම හා ආකල්ප වර්ධනය සඳහා පුහුණු වැඩසටහන්, වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීමේ කටයුතු.
  6. නිලධාරීන් සඳහා විදේශ පුහුණුවීම් ලබාදීමේ කටයුතු.
  7. බස්නාහිර පළාත් සභාවේ කාර්ය මණ්ඩල තොරතුරු එක්රැස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම.