බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී ස්ථීර පත්වීම් ලිපි ලබා දීම සඳහා පල කරන ලද නාම ලේඛනයන්හි නම සදහන්, නමුත් ලිපි ගොනු භාර නොදුන් උපාධිධාරී අභ්‍යාසලාභීන් වෙනුවෙන් කරන විශේෂ නිවේදනය.

ඔබගේ ලිපි ගොනු භාර දීමේ අවසන් දිනය 2022.05.26 (හෙට) ලෙස තීරණය කර ඇත.

ඔබගේ සම්පූර්ණ කරන ලද ලිපි ගොනු 2022.05.26 දින පෙ.ව. 9.00 ට, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 204 හි 6 වන තට්ටුවේ පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය වෙත භාර දිය යුතු බව කාරුණිකව දන්වමි.

අවසන් දිනයට පසුව ඉදිරිපත් කරන ලිපි ගොනු භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.