2022.04.01 දිනට නියමිත බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි ස්ථිර පත්වීම් ලිපි ලබාදීම

රැකියා විරහිත උපාධිධාරීන් /ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම – 2020 යටතේ 2021 වර්ෂයේ දී පුහුණුව ආරම්භ කරන ලද, 2022.04.01 දින සිට ස්ථිර පත්වීම ලබා දීමට නියමිත, බස්නාහිර පළාත් සභාව සදහා අනුයුක්ත කර ඇති දැනට පළාත් සභා අමාත්‍යාංශ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුහුණුව ලබන අභ්‍යාසලාභීන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මා වෙත යොමු කරන ඇති පහතින් දක්වා ඇති පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ ලිපියේ සදහන් උපදෙස් පරිදි පිරික්සුම් ලැයිස්තුවද ඇතුලත්ව ඔබගේ ලිපි ගොණුව සකස්කර 2022.03.10 දින පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 හි පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත භාර දෙන මෙන් කාරුණිකව දන්වමි.

මේ පිලිබඳ වැඩිදුර උපදෙස් අවශ්‍ය වන්නේනම් පහත දුරකථන අංක මගින් විමසිය හැක.

011 209 2635
011 209 3399

ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ ලිපිය සහ පිරික්සුම් ලැයිස්තුව